Sunday, April 25, 2010

නෙරංජිට ලියුමක්

කලින් පෝස්ට් එක ඇත්තටම ක්ෂණික කෝපය නිසා ලියවුණ එකක්. නෙරංජිගෙ හිත රිදුණනම් සමාවෙන්න. මම ඔයාගෙ පෝස්ට් කියවන්නෙ හරිම ආසාවෙන්. මෙච්චර අමාරුවෙන් රෑ නිදි මරාගෙන හිටපු ඔයාට බැනපු මට යන්න අපායක් නැතිවෙයි.

නෙරංජි, අපි දැන් ආයිත් යාලුයි නේද?

නෙරංජි ලියන්නෙ මෙන්න මේ වගේ පෝස්ට්

ඔන්න බැරිම තැන පෝස්ට් එකක් දැම්මා. අර පැත්තේ නෙරංජි බොරු පෝස්ට් දාලා දිනන්න හදනවා. පෝස්ට් එකක් වුණාම හරයක් තියෙන දෙයක් වෙන්න ඕන කියල එයාට තේරෙන්නෙ නැහැ.

නිකං මොන මොනව හරි ලියල නං අපටත් 100ක් විතර ලියන්න තිබුණා

නයි ගොඩයි

තාම නිදිමතක් නැහැ නෙව, පුදුමයි

ඔය අතරෙ ගෙදර ෆ්‍රිජ් එකේ තිබ්බ අයිස් ක්‍රීම් එකෙන් ටිකක් අරං කෑවා

ඊයෙ ගෙනාපු පිට්සා ටිකත් ඉවර වෙලා, තිබුණත් වැඩක් නැහැ මේ දවස්වල මයික්‍රොවේව් එකත් වැඩ කරන්නෙ නැහැනෙ

ඒ පාර තමයි මතක් වුණේ කාර් එක ඇතුළට ගන්න අමතක වුණා, දැන් යන්න කම්මැලියි, සර්වන්ට් කොල්ලට කිව්ව තල්ලු කරගෙන හරි ගේන්න කියල

දැන් ඉතිං ආයිත් මැරතන් එකේ චැටක් දාගෙන ඉන්න ඕන, හෙට උදේම ක්‍රෙඩිට් කාඩ් එකේ බිල ගෙවන්න යන්නත් තියෙනවා


මහදැනමුත්තයි ගෝලයො රොත්තයි

මහදැනමුත්තට ගෝලයො පස් දෙනයි

රබ්බඩ අයියයි, පුවක් බඩිල්ලයි, පොල්බෑමූණයි, කෝටුකිතයියයි, හපොයි අනිත් ගෝලයගෙ නම මතක නෑ

ඉස්සර කාලෙ තිබ්බ ඇඩ් එකක් මතක් වුණා
මහදැනමුත්තයි ගෝලයො රොත්තයි දවසක් උදේම ගමනක් යනවා
එතකොට?
හපොයි ඇඩ් එකේ ඉතුරු ටිකත් මතක නෑ, මේ මතකෙ නං තියන්න වටින්නෑ
කොහොම හරි ඕක මැලිබන් ගෝල්ඩ් මාරි ඇඩ් එකක්


පළවෙනි තරගෙන් ආනන්ද් පරාද වෙයි


මැරතන් එක මෙහේ යන අතරෙ බල්ගේරියාවෙ තව වැදගත් දෙයක් වුණා

2010 ලෝක චෙස් ශූරතාවයෙ පළමු තරගය ඉවරවුණේ මීට පොඩි වෙලාවකට කලින්. අවාසනාවන්ත විදියට විශ්වනාතන් ආනන්ද් පරාජය කරමින් ටොපලොව් පහසු ජයක් ලබාගත්තා

තරගය මෙතනින් බලන්න පුළුවන්

ප.ලි. 
දැනට ලෝක ශූරයා තමයි ආනන්ද්. මේක ඔහුගෙ කිරුළ රැකගන්න පවත්වන තරගාවලියක්. 

මල් පෙත්තේ මල් පෙත්තේ

අපේ අනූගේ බ්ලොග් එකේ තිබුණු ජින්සෙන් කුමාරි පෝස්ට් එක දැක්කම මටත් මතක් වුණා පොඩි කාලෙ පොත් කියවපු හැටි.

මුලින්ම අම්ම එක්ක රුසියානු පොත් ප්‍රදර්ශනේකට ගියේ. ඒකෙන් මං හිතන්නෙ පොත් දහයකට වැඩිය ගන්න ඇති.

හත් පෙති මල, හරිත වර්ණ දූපත, ඔය වගේ කවදාවත් අමතක නොවෙන පොත්. මුල් දවස්වල කියවන්න බැරි කාලෙ තාත්තයි අම්මයි තමයි කියවලා දුන්නෙ. ෂේන්යා සීනි වළලු ගෙනියපු හැටි තාම මතකයි. හරිත වර්ණ දූපතේ හිම කිරම ගන්න තැන තමයි තාත්තට කියල වැඩිපුරම කියෝගෙන තියෙන්නෙ. මල් පෙත්තේ මල් පෙත්තේ, බටහිරටත් උතුරු දෙසට, ... , මා කියනා දේ කරදෙන් මට කියල කවියක් තිබුණ, දැන් පද මතක නෑ

ගණිත හෝඩිය කියල අගේ ඇති පොතකුත් ඔය අතරෙ තිබුණා. බූරු පැටියගෙ කතන්දර එහෙම තාම මතකයි.

රුසියන් පොතක් නම් ආයෙ ඉතින් කියල වැඩක් නෑ. ඔය ගොඩක් පොත් පරිවර්තනය කරල තිබුණෙ දැදිගම වි. රුද්‍රිගු කියල කෙනෙක්. ඇඬෙන බාසාව!

සින්ඩිය පිරිල නෙව

මේ දැන් සින්ඩියට ගියාමයි දැක්කේ, කීප දෙනෙක්ම මැරතන් එකටත් පාවිච්චි කරල තියෙන්නෙ තමන් වෙනද ලියපු බ්ලොග් එකමයි. මං නං ඒ වැඩේ අනුමත කරන්නෙ නෑ, ඒත් ඉතින් දැන් කරන්න දෙයක් නැහැනෙ. කොහොමින් කොහොම හරි මේකෙන් වුණේ මං පැය කීපෙකට කලින් ලියපු පෝස්ට් එක සින්ඩියෙ මුල් පිටුවෙන් අයින් වීම.

ඒක මග ඇරුණු කස්ටියට කියල මේන් ලින්ක් එක. මේකෙ තියෙන්නෙ ලොව වටා අය බ්ලොග් මැරතන් එක ගැන දීපු අදහස් දැක්වීම්:
http://thameeragetheeraya.blogspot.com/2010/04/blog-post.html