අපේ අනූගේ බ්ලොග් එකේ තිබුණු ජින්සෙන් කුමාරි පෝස්ට් එක දැක්කම මටත් මතක් වුණා පොඩි කාලෙ පොත් කියවපු හැටි.
මුලින්ම අම්ම එක්ක රුසියානු පොත් ප්‍රදර්ශනේකට ගියේ. ඒකෙන් මං හිතන්නෙ පොත් දහයකට වැඩිය ගන්න ඇති.
හත් පෙති මල, හරිත වර්ණ දූපත, ඔය වගේ කවදාවත් අමතක නොවෙන පොත්. මුල් දවස්වල කියවන්න බැරි කාලෙ තාත්තයි අම්මයි තමයි කියවලා දුන්නෙ. ෂේන්යා සීනි වළලු ගෙනියපු හැටි තාම මතකයි. හරිත වර්ණ දූපතේ හිම කිරම ගන්න තැන තමයි තාත්තට කියල වැඩිපුරම කියෝගෙන තියෙන්නෙ. මල් පෙත්තේ මල් පෙත්තේ, බටහිරටත් උතුරු දෙසට, ... , මා කියනා දේ කරදෙන් මට කියල කවියක් තිබුණ, දැන් පද මතක නෑ
ගණිත හෝඩිය කියල අගේ ඇති පොතකුත් ඔය අතරෙ තිබුණා. බූරු පැටියගෙ කතන්දර එහෙම තාම මතකයි.
රුසියන් පොතක් නම් ආයෙ ඉතින් කියල වැඩක් නෑ. ඔය ගොඩක් පොත් පරිවර්තනය කරල තිබුණෙ දැදිගම වි. රුද්‍රිගු කියල කෙනෙක්. ඇඬෙන බාසාව!
Sunday, April 25, 2010
මල් පෙත්තේ මල් පෙත්තේ
Subscribe to:
Post Comments (Atom)
6 comments:
මගේ ළඟත් තිබ්බා ඒ පොත..අන්තිම පෙත්තෙන් එයා ළමයෙක්ව සනීප කරනවා නේද? :)
"බූරු පැටියගෙ කතන්දර එහෙම තාම මතකයි."
මම තාම චරිතාපදානය ලිව්වෙ නෑ නොවැ :P
@Anuradha
ඔව් ඔව්, අන්තිම පෙත්තෙන් ඇවිදින්න බැරි ළමයෙක් සනීප කරනවා :)
හත් පෙති මල.. මම හරිම ආසයි. වැඩිපුරම කැමති ඒ ළමයා පවුලේ අයට අරන් තිබ්බ එක එක පාන් වල විස්තරේ කියවන්න.
:D
කියවල තියෙනවද "වැඩ බැරි දාස"?
@Anuradha
කියවලා නං තියෙනවා, හැබැයි දැන් කතාව නං ම්හු
Post a Comment