Sunday, April 25, 2010

නෙරංජිට ලියුමක්

කලින් පෝස්ට් එක ඇත්තටම ක්ෂණික කෝපය නිසා ලියවුණ එකක්. නෙරංජිගෙ හිත රිදුණනම් සමාවෙන්න. මම ඔයාගෙ පෝස්ට් කියවන්නෙ හරිම ආසාවෙන්. මෙච්චර අමාරුවෙන් රෑ නිදි මරාගෙන හිටපු ඔයාට බැනපු මට යන්න අපායක් නැතිවෙයි.

නෙරංජි, අපි දැන් ආයිත් යාලුයි නේද?

නෙරංජි ලියන්නෙ මෙන්න මේ වගේ පෝස්ට්

ඔන්න බැරිම තැන පෝස්ට් එකක් දැම්මා. අර පැත්තේ නෙරංජි බොරු පෝස්ට් දාලා දිනන්න හදනවා. පෝස්ට් එකක් වුණාම හරයක් තියෙන දෙයක් වෙන්න ඕන කියල එයාට තේරෙන්නෙ නැහැ.

නිකං මොන මොනව හරි ලියල නං අපටත් 100ක් විතර ලියන්න තිබුණා

නයි ගොඩයි

තාම නිදිමතක් නැහැ නෙව, පුදුමයි

ඔය අතරෙ ගෙදර ෆ්‍රිජ් එකේ තිබ්බ අයිස් ක්‍රීම් එකෙන් ටිකක් අරං කෑවා

ඊයෙ ගෙනාපු පිට්සා ටිකත් ඉවර වෙලා, තිබුණත් වැඩක් නැහැ මේ දවස්වල මයික්‍රොවේව් එකත් වැඩ කරන්නෙ නැහැනෙ

ඒ පාර තමයි මතක් වුණේ කාර් එක ඇතුළට ගන්න අමතක වුණා, දැන් යන්න කම්මැලියි, සර්වන්ට් කොල්ලට කිව්ව තල්ලු කරගෙන හරි ගේන්න කියල

දැන් ඉතිං ආයිත් මැරතන් එකේ චැටක් දාගෙන ඉන්න ඕන, හෙට උදේම ක්‍රෙඩිට් කාඩ් එකේ බිල ගෙවන්න යන්නත් තියෙනවා


මහදැනමුත්තයි ගෝලයො රොත්තයි

මහදැනමුත්තට ගෝලයො පස් දෙනයි

රබ්බඩ අයියයි, පුවක් බඩිල්ලයි, පොල්බෑමූණයි, කෝටුකිතයියයි, හපොයි අනිත් ගෝලයගෙ නම මතක නෑ

ඉස්සර කාලෙ තිබ්බ ඇඩ් එකක් මතක් වුණා
මහදැනමුත්තයි ගෝලයො රොත්තයි දවසක් උදේම ගමනක් යනවා
එතකොට?
හපොයි ඇඩ් එකේ ඉතුරු ටිකත් මතක නෑ, මේ මතකෙ නං තියන්න වටින්නෑ
කොහොම හරි ඕක මැලිබන් ගෝල්ඩ් මාරි ඇඩ් එකක්


පළවෙනි තරගෙන් ආනන්ද් පරාද වෙයි


මැරතන් එක මෙහේ යන අතරෙ බල්ගේරියාවෙ තව වැදගත් දෙයක් වුණා

2010 ලෝක චෙස් ශූරතාවයෙ පළමු තරගය ඉවරවුණේ මීට පොඩි වෙලාවකට කලින්. අවාසනාවන්ත විදියට විශ්වනාතන් ආනන්ද් පරාජය කරමින් ටොපලොව් පහසු ජයක් ලබාගත්තා

තරගය මෙතනින් බලන්න පුළුවන්

ප.ලි. 
දැනට ලෝක ශූරයා තමයි ආනන්ද්. මේක ඔහුගෙ කිරුළ රැකගන්න පවත්වන තරගාවලියක්. 

මල් පෙත්තේ මල් පෙත්තේ

අපේ අනූගේ බ්ලොග් එකේ තිබුණු ජින්සෙන් කුමාරි පෝස්ට් එක දැක්කම මටත් මතක් වුණා පොඩි කාලෙ පොත් කියවපු හැටි.

මුලින්ම අම්ම එක්ක රුසියානු පොත් ප්‍රදර්ශනේකට ගියේ. ඒකෙන් මං හිතන්නෙ පොත් දහයකට වැඩිය ගන්න ඇති.

හත් පෙති මල, හරිත වර්ණ දූපත, ඔය වගේ කවදාවත් අමතක නොවෙන පොත්. මුල් දවස්වල කියවන්න බැරි කාලෙ තාත්තයි අම්මයි තමයි කියවලා දුන්නෙ. ෂේන්යා සීනි වළලු ගෙනියපු හැටි තාම මතකයි. හරිත වර්ණ දූපතේ හිම කිරම ගන්න තැන තමයි තාත්තට කියල වැඩිපුරම කියෝගෙන තියෙන්නෙ. මල් පෙත්තේ මල් පෙත්තේ, බටහිරටත් උතුරු දෙසට, ... , මා කියනා දේ කරදෙන් මට කියල කවියක් තිබුණ, දැන් පද මතක නෑ

ගණිත හෝඩිය කියල අගේ ඇති පොතකුත් ඔය අතරෙ තිබුණා. බූරු පැටියගෙ කතන්දර එහෙම තාම මතකයි.

රුසියන් පොතක් නම් ආයෙ ඉතින් කියල වැඩක් නෑ. ඔය ගොඩක් පොත් පරිවර්තනය කරල තිබුණෙ දැදිගම වි. රුද්‍රිගු කියල කෙනෙක්. ඇඬෙන බාසාව!

සින්ඩිය පිරිල නෙව

මේ දැන් සින්ඩියට ගියාමයි දැක්කේ, කීප දෙනෙක්ම මැරතන් එකටත් පාවිච්චි කරල තියෙන්නෙ තමන් වෙනද ලියපු බ්ලොග් එකමයි. මං නං ඒ වැඩේ අනුමත කරන්නෙ නෑ, ඒත් ඉතින් දැන් කරන්න දෙයක් නැහැනෙ. කොහොමින් කොහොම හරි මේකෙන් වුණේ මං පැය කීපෙකට කලින් ලියපු පෝස්ට් එක සින්ඩියෙ මුල් පිටුවෙන් අයින් වීම.

ඒක මග ඇරුණු කස්ටියට කියල මේන් ලින්ක් එක. මේකෙ තියෙන්නෙ ලොව වටා අය බ්ලොග් මැරතන් එක ගැන දීපු අදහස් දැක්වීම්:
http://thameeragetheeraya.blogspot.com/2010/04/blog-post.html

Saturday, April 24, 2010

චෙස් අතක් අදිමුද?

කොම්පීතරෙත් එක්ක චෙස් අදිනවා කියන්නෙ එපා වෙන සිද්දියක්. මැසිමක් එක්ක අදිද්දි කිසි ආතල් එකක් නැහැ. ඒත් කොහෙන්ද අදින්න යාලුවො හොයා ගන්නෙ? සරල විසඳුමක් තියෙන්නෙ.

චෙස් අදින්න පුලුවන් සයිට් බර ගාණක් නෙට් එකේ තියෙනවා. මේවයි අදිද්දි අපි තරග කරන්නෙ අපි වගේම තවත් මිනිස්සු එක්ක.

දැනට තියෙන අග්‍රගණ්‍යම සයිට් එක තමයි chess.com. මේකෙ චෙස් අදිනවට අමතරව ඉගෙන ගන්නත් ගොඩක් පහසුකම් තියෙනවා.

තවත් අල්ලල ගියපු තැනක් තමයි gameknot.com. වැඩිය පහසුකම් නැහැ, බොහොම සරලයි.

මේ උපේකා නංගි විසිලුත් ගහනවනෙ

බලං යනකොට මේ ඩ්‍රීම් ස්ටාර් එකේ උපේක නංගිට (අක්කද මන්දා) ලස්සනට විසිල් ගහන්නත් පුළුවන්නෙ. මේ දැන් ගහල පෙන්නුවා
ආ නංගි තමයි, මේ වැටෙන්නෙ අවුරුදු 18යි කියල
9900ට DDS හිස්තැනක් 2 කියල ලියල ඇස් ඇම් ඇස් එකක් එවල ඒ නංගිට සුදුසු තැන දෙන්න කියල මේ වෙලාවෙ මම ඉල්ලල සිටිනවා

හැබැයි අර ගාල්ලෙ කොල්ලත් පට්ට. මං අද දන්නෙ ගාල්ලෙ හැකියාවන් තියෙන කොල්ලොත් ඉන්නව කියල. උදේශ් මනෝජ්ද කොහෙද නම. වැඩ හමුදාවෙලු. එල කොල්ලෙක්.

ඒ වුණාට ඉතිං ඔන්න ඔහේ උපේකටම ඇස් ඇම් ඇස් කොරන්න


තාම බිං පිටුපසිනි

මේක මේ කලින් පෝස්ට් එකේ ගූගල් කරන්න කිව්වම මතක් වුණේ.

දැන් ගූගල් එක්ක තරගෙට බිං ඉන්නවා. ඒත් ඔය කොච්චර කිව්වත් මගේ අත්දැකීම්වල හැටියට නම් බිං ඉන්නෙ ගව් ගාණක් පිටිපස්සෙන්. අපිට හදිස්සියෙ මොනව හරි ඕන වුණාම ගූගල් සෙවුමෙන් දෙන තරම් උදව්වක් තාම බිංවලින් නැහැ. පෙරේද මම එක සෙවුමක් කරාම ගූගල්වල එක ප්‍රතිඵලයක් විතරයි ලැබුණෙ. බිං වලින් එකක්වත් නෑ. යාහූ, ආස්ක්, අල්ටාවිස්ටා වලත් ඒ බණේම තමයි.

කොහොම වුණත් ඉතින් මම හෝම් පේජ් එකට නං දාං ඉන්නෙ බිං. උදේ පාන්දර මැසිම ඕන් කරන කොට බිං වල පින්තූරෙ දැක්කොත් දවසම සුබයි.

ඔය බිං වල පට්ට පින්තූරනෙ තියෙන්නෙ. දවසින් දවස වෙනස්වෙනවා. සමහර දවසට දෙක ගාණෙත් එනවා. පරණ පින්තූර සෙට් එක බලාගන්න ඕන නම් මේ ලින්ක් එකට යන්න. http://www.istartedsomething.com/bingimages/

අද තිබුණු ඔලිම්පියාඩයේ මූලික වටය

අද ලංකාව පුරා ශ්‍රී ලංකා ගණිත තරගය (Sri Lanka Mathematics Competition) පැවැත්වුණා. මේක තමයි අන්තර්ජාතික ගණිත ඔලිම්පියාඩයට තරගකරුවන් තෝරගැනීමේ මුල් අදියර. මේකෙන් තේරෙන 50කට ඊට පස්සෙ Sri Lanka Mathematics Challenge Competition එකට සහභාගි වෙන්න වෙනවා. අන්තිමට ඉතා දරුණු පුහුණුවකට පස්සෙ 6 දෙනෙක් තමයි ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්න තෝරගන්නෙ.

මෙදා සැරේ ඔලිම්පියාඩ් එක තියෙන්නෙ කසකස්තානෙ. අවුරුද්දෙන් අවුරුද්දට මේක තියෙන රට වෙනස් වෙනවා. වැඩි විස්තර ඕන නම් International Mathematical Olympiad කියල ගූගල් කරන්න. බිං කළත් අවුලක් නෑ. හැබැයි ගූගල් තමයි වැඩකාරයා.

ආ .අමතක වුණා. ලංකාවෙ ඔලිම්පියාඩ් සංගමේටත් සයිට් එකක් තියෙනවනෙ. ඇඩ්‍රස් එක http://slmathsolympiad.org
පාස්ට් පේපර්, උත්තර එහෙමත් ඕකෙ තියෙනවා

ලේනගේ සහ ලූ

අපේ ඔපිස් එකේ කොල්ලෙක් ඉන්නවා මිනිහගෙ නම ඩැරල් ලියනගේ

අපි සාමාන්‍යයෙන් ලියනගේ ලියන්නෙ Liyanage කියලනේ, එත් මේ යකා ලියන්නෙ Leanage කියල. කාටද ඉතිං ඒක කියවන්න පුළුවන්. අපි කියන්නෙ ලේනගේ කියල. එක එක අය ලියන හැටිනෙ ඉතිං.

මම සර්නේම් එක ලියන්නෙ Senanayaka කියල. ඒත් Senanayake, Senananaika, ඔය වගේ variation බර ගාණක් තියෙනවා. බලාගන්න ඕන නම් හොඳම විදිය ටැලිපෝන් ඩිරෙක්ටරියක බලන එක.

ආ තව එකෙක් ඉන්නවා ඔපීසියෙ, මෑන් ගෙ නම Michael Lu. Lu කෑල්ල ආවෙ කොහොමද කියල ඇහුවම දැනගත්තෙ මිනිහගෙ සීයගෙ තාත්ත චයිනීස්ලු.

අපෙත් ඉතින් ඔය කිත්තො කිරිකිත්තො මොන රටෙන් ආපු අයද කියල කවුද දන්නෙ


ෆැන්ටා එපා. එත් කෝක්ද බියර්ද?

ඩ්‍රීම් ස්ටාර් විනිශ්චය මණ්ඩලේ මේසෙ උඩ ෆැන්ට කෝප්ප තියෙනවා.
තැඹිලි පාට ෆැන්ටවලට නම් එච්චර කැමති නෑ, ඒත් දැන් අර කඩවල තියෙන රතු පාට ෆැන්ට එක මරු. පෝටෙලෝ රහ එන්නෙ. පෝටෙලෝමද මන්ද.

ඔය මොනව තිබ්බත් ඉතින් කෝක් වලට ගහන්න එකක් නෑ. පෙප්සිත් ඉතින් තරගෙ දෙනවා. දවසක් ලැපෙත් පෙප්සි ඉහිරව ගත්තනෙ. කෝක් බොන එක සවුක්යෙට හොඳ නැහැයි කියලත් කියන්නෙ. මං නං බොන්නෙ එහෙම කියන හින්දමයි.

ළඟදි කවුද කිව්ව බියර් බොන එකට වඩා කෝක් බොන එක බයානකයි කියල. වෙලාවක එහෙනං බියර් පාරක් ගහන්න ඕන. ඕවයි ගණං තමයි ඉතින් අල්ලන්නෙ නැත්තෙ.

ලියන්න දේකුත් නෑ බොලව්

දැන් නම් බොලේ ලියන්න දේකුත් නෑ වගේ
අර පැත්තෙන් ඩ්‍රීම් ස්ටාර් යනව
නිරෝෂගෙ මාලෙ නම් මරු
මොකක්ද හැබෑට ඔය සින්දු කියන කෙල්ලගෙ නම? ආ, උපේකා, ඒකිත් පස්ට


Eyjafjallajokull කියවන්නෙ කොහොමද? මෙන්න ක්‍රමේ!

අයිස්ලන්තෙ ගිනි කන්දෙ නම තමයි Eyjafjallajokull. හැබෑට මේක කියවන්නෙ කොහොමද?
මේක කියවන්න ගිහින් දිව පැටලිලා මැරුණු අයගෙ ගාන ගිනිකන්දට මැරුණු අයගෙ ගාණට වැඩියි

මෙන්න මෙහෙමයි Eyjafjallajokull කියවන්නෙ

මාත් එක්ක කියන්න
ඒයි
යා
ෆ්යා
ලා
යෝ
කුල්

එලකිරි දැන් එක දිගට කියවන්න
ඒයි-යා-ෆ්යා-ලා-යෝ-කුල්

ඔය තියෙන්නෙ!

වතුර පාරකුත් ගහලම යන්ඩෝ!!!


ලිනක්ස්වලට ට්විටර් ක්ලයන්ට් එකක්: Turpial

ලිනක්ස්වලදි ට්වීට් කරන්න choqok, gwibber, spaz වගේ ඩෙස්ක්ටොප් ක්ලයන්ට් වගේම බ්‍රව්සර්වලට හදපු echofon, conwitter වගේ ඇඩෝනුත් පාවිච්චි කරන්න පුළුවන්. මම මෙච්චර කලක් පාවිච්චි කළේ conwitter. ඒක අපේම කොල්ලො ටිකක් හදපු අපේම දෙයක්.

ඒත් වෙනසකටත් එක්ක කියල පාවිච්චි කරන්න පුළුවන් වෙන හොඳ ක්ලයන්ට් එකක් හෙව්වා. එතකොට තමයි හම්බවුණේ මේ Turpial කියන එක. මේක ඩෙස්ක්ටොප් ක්ලයන්ට් එකක්. පට්ට! එකම කොස්ස තියෙන්නෙ මේක ඉංගිරිසියෙන් නැහැ. ස්පාඤ්ඤ සංස්කරණයක් විතරයි තියෙන්නෙ. මාත් මේ දවස්වල ටිකක් ඉස්පාඤ්ඤ ඉගෙන ගන්න නිසා කෝකටත් කියල දාගත්තා. බාසාව වෙනස් කියලා එච්චර අවුලක් නැහැ. ටිකකින් පුරුදු වෙනවා.

ටෙස්ට් කරල බලන්න ඕන නම් මෙතනින් බාගන්න.
http://code.google.com/p/turpial/

පොත් ගන්න නම් Gutenberg

කලින් පෝස්ට් එකෙන් කිව්වෙ කෝච්චියෙ යන ගමන් පොත් කියවන හැටි. ඒත් මේ පොත් අපි කොහෙන්ද ගන්නෙ?

ඔව්, නෙට් එකෙන් PDF බාලා convert කරගන්න පුළුවන්. ඒත් ලේසිම විදිය තමයි gutenberg.org එකෙන් පොත් ගන්න එක.

Gutenberg කියන්නෙ පරණ පොත් සංරක්ෂණය කරන්න පටන් ගෙන තියෙන ව්‍යාපෘතියක්. පරණ පොත් කිව්වොත් වැරදියි මං හිතන්නෙ, Public domain එකේ තියෙන, ඒ කියන්නෙ ජනසතු වෙන්න ඕන, පොත් සංරක්ෂණය කරන තැනක් මේක. ගොඩක් වැදගත් පොත් මේකෙ pdf වගේම mobi, epub වගේ විවිධ ebook readers වලට හරියන format වලින් පොත් බාගන්න පුළුවන්. ඔව් ඔව්, නොමිලේ තමයි :D


කෝචිචියෙ යන ගමන් පොත් කියවන්න

මේ දවස්වල  වැඩට යන්නෙ ගම්පහ ඉඳලනෙ
කෝච්චියෙ යන වැඩේ මාර ආතල්. බස් එකේදි වගේ නෙවෙයි කෝච්චියෙ යනකොට පොතක් වුණත් කියව කියව යන්න පුළුවන්නෙ
හැබැයි ඔපිස් ටයිම් එකේ පොතක් කියවනව නෙවෙයි, කෝචිචියෙ හිට ගෙන යන්නෙත් බෝම අමාරුවෙන්
මේකට විසඳුම තමයි Mobipocket Reader
මෙතනින් බාගන්න පුළුවන් http://www.mobipocket.com
PDF වුණත් convert කරල මේකෙන් කියවන්න පුළුවනි

පට්ටාන් ගත්තා

ඔන්න තරගෙ පට්ටාන් ගත්තා
ඩයලොග් කනෙක්සන් අවුලක් නිසා මෙච්චර වෙලාවටකට පෝස්ට් එකක් දාන්න බැරුව හිටියෙ
ඔන්න එහෙනං අපිත් දුවනවා, අපොයි මම අන්තිමය වගේ, අල්ලන්න ඕනෙ ඉක්මනට

බ්ලොග් මැරතන් ගැන ලෝකෙ එක එක අයගෙ අදහස් දැන ගන්න මෙතනට යන්න:
http://thameeragetheeraya.blogspot.com/2010/04/blog-post.html

අවවාදයයි, තමීරත් මැරතන් දුවයි


කවුරුත් බලාපොරොත්තු නොවුණ විදියට තමීරත් මැරතන් දුවනවා.

අයිස්ලන්තයේ ගිනි කන්ද නිසා ඇතිවුණු කම්පනයට වඩා කම්පනයක් මේ නිසා ඇතිවන බවට ස්වාධීන නිරීක්ෂකයන් ප්‍රකාශ කරල තියෙන බවයි ආරංචිය. දැනටමත් මැඩගස්කර් එයා ඇතුළු ගුවන්ගමන් සේවා කීපයක් තමන්ගෙ ගුවන් ගමන් අත්හිටවලා.

මේ මැරතන් දිවිල්ල නිසා මිනිස් ඉතිහාසයේ මොනවගේ වෙනසක් ඇති වෙයිද කියල බලන්න අද (අප්‍රේල් 24 සෙනසුරාදා) රෑ 8 ඉඳලා හෙට උදේ 8 වෙනකං අපිත් එක්ක ඉන්න.

වැඩි විස්තර ඕනෙ නම් මේන්න මෙතනට යන්න.