Saturday, April 24, 2010

අද තිබුණු ඔලිම්පියාඩයේ මූලික වටය

අද ලංකාව පුරා ශ්‍රී ලංකා ගණිත තරගය (Sri Lanka Mathematics Competition) පැවැත්වුණා. මේක තමයි අන්තර්ජාතික ගණිත ඔලිම්පියාඩයට තරගකරුවන් තෝරගැනීමේ මුල් අදියර. මේකෙන් තේරෙන 50කට ඊට පස්සෙ Sri Lanka Mathematics Challenge Competition එකට සහභාගි වෙන්න වෙනවා. අන්තිමට ඉතා දරුණු පුහුණුවකට පස්සෙ 6 දෙනෙක් තමයි ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්න තෝරගන්නෙ.

මෙදා සැරේ ඔලිම්පියාඩ් එක තියෙන්නෙ කසකස්තානෙ. අවුරුද්දෙන් අවුරුද්දට මේක තියෙන රට වෙනස් වෙනවා. වැඩි විස්තර ඕන නම් International Mathematical Olympiad කියල ගූගල් කරන්න. බිං කළත් අවුලක් නෑ. හැබැයි ගූගල් තමයි වැඩකාරයා.

ආ .අමතක වුණා. ලංකාවෙ ඔලිම්පියාඩ් සංගමේටත් සයිට් එකක් තියෙනවනෙ. ඇඩ්‍රස් එක http://slmathsolympiad.org
පාස්ට් පේපර්, උත්තර එහෙමත් ඕකෙ තියෙනවා

3 comments:

විශ්මි said...

දැනන් හිටියේ නෑ මේක ගැන..... තැන්කූ සහෝ.....

රවා said...

නියමයි ගොඩාක් පින් මෙ දුවන අස්සෙත් මරුම ලිපිනයක් තමයි ඔයා දුන්නෙ.. ස්තුති යහලුවා..

Anonymous said...

නැවත මතක් කිරීමයි....!!!
මෙවර කසකස්ථානය බලා පිටත්වීමට පෙර අදාල දැනුම් දීම් සිදුකර ගමන පිටත්වීමට මතක තබා ගන්න.
ගියවර මෙන් කරදරවලට මුහුණ නොදිමට එය මහෝපකාරී වනු ඇත.

තවත් ලිපියකින් මේ ඔලිම්පියාඩ් තරගය පිලිබඳව දැනුවත් කල හැකියි නේද..??අද බොහෝ දෙනෙක් මෙය කියවන නිසා මම හිතනවා..ඒක නොදන්නා අයට බොහෝම වැදගත් වෙයි කියලා.

Post a Comment