Sunday, April 25, 2010

සින්ඩිය පිරිල නෙව

මේ දැන් සින්ඩියට ගියාමයි දැක්කේ, කීප දෙනෙක්ම මැරතන් එකටත් පාවිච්චි කරල තියෙන්නෙ තමන් වෙනද ලියපු බ්ලොග් එකමයි. මං නං ඒ වැඩේ අනුමත කරන්නෙ නෑ, ඒත් ඉතින් දැන් කරන්න දෙයක් නැහැනෙ. කොහොමින් කොහොම හරි මේකෙන් වුණේ මං පැය කීපෙකට කලින් ලියපු පෝස්ට් එක සින්ඩියෙ මුල් පිටුවෙන් අයින් වීම.

ඒක මග ඇරුණු කස්ටියට කියල මේන් ලින්ක් එක. මේකෙ තියෙන්නෙ ලොව වටා අය බ්ලොග් මැරතන් එක ගැන දීපු අදහස් දැක්වීම්:
http://thameeragetheeraya.blogspot.com/2010/04/blog-post.html

6 comments:

Anonymous said...

මටත් ඒ සිද්ධියම වුනා... මම මැරතන් දුවන්නෙ නැහැ. ඒත් දැන් පැට කීපයකට කලින් ලීව post එකේ කෑලිත් නැහැ... කමක් නැහැ.. ඒකට අපි වතුර දෙන්නම් ...

Rasika Nanayakkara said...

අනේ සොරි මල්ලියෙ.
මගේ පෝස්ට් තමා ඔක්කොම මේ වෙලාවේ තියෙන්නේ.
මැරතන් 1ට වෙනම බ්ලොග් 1ක් හැදුවේ නැත්තේ පොඩි හේතුවක් නිසා. මා එක්ක අමනාප නැතැයි කියලා හිතනවා.

ජය වේවා...

Madhawa Habarakada said...

හ්ම්ම්, ඔය ප්‍රශ්නෙ එනව තමා, මම්ත් කැමති නෑ තමුන්ගෙ සාමාන්‍ය බ්ලොග් එක මේකට පාවිච්චි කළාට. මමත් වෙනමම බ්ලොග් එකක් හැදුව මේ වැඩේටම. මටත් මුලින් හිතුනෙ මගෙ මුල් බ්ලොග් එකම පාවිච්චි කරන්න, නමුත් ඒක හොද නෑ කියල පස්සෙ හිතුන.

Thameera said...

@රනා
දැන් අවුලක් නෑ මචං, මෙහෙම යමු. :)

තීර්ථ යාත්‍රිකයා said...

"සමහරු මේ සඳහා තමන්ගෙ දැන් තියෙන බ්ලොග් එකම යොදාගන්නවා. මැරතන් එකේදී කෙටි කාලයකදී ලියන නිසා වැඩිපුරම වල්පල් ලියැවෙන නිසා ඒවායින් තමන්ගෙ බ්ලොග් එක හැඩි කරගන්න අකමැති අය මැරතන් එක සඳහා වෙනම බ්ලොග් එකක් පටන් ගන්නවා. මේ කැමති විදියකට මැරතන් එකට සහභාගී වෙන්න පුලුවන්."

උපුටා ගැනීම
http://blog.sinhalabloggers.com/what-is-sinhala-blog-marathon/

Thameera said...

@තීර්ථ යාත්‍රිකයා
ඔව් මචං, මාත් ඕක දැක්කා. එහෙම අවුලකට නෙවෙයි කිව්වෙ. අර කියපු වගේ ගැටලුත් එන එක ගැන.

Post a Comment