Saturday, April 24, 2010

ලේනගේ සහ ලූ

අපේ ඔපිස් එකේ කොල්ලෙක් ඉන්නවා මිනිහගෙ නම ඩැරල් ලියනගේ

අපි සාමාන්‍යයෙන් ලියනගේ ලියන්නෙ Liyanage කියලනේ, එත් මේ යකා ලියන්නෙ Leanage කියල. කාටද ඉතිං ඒක කියවන්න පුළුවන්. අපි කියන්නෙ ලේනගේ කියල. එක එක අය ලියන හැටිනෙ ඉතිං.

මම සර්නේම් එක ලියන්නෙ Senanayaka කියල. ඒත් Senanayake, Senananaika, ඔය වගේ variation බර ගාණක් තියෙනවා. බලාගන්න ඕන නම් හොඳම විදිය ටැලිපෝන් ඩිරෙක්ටරියක බලන එක.

ආ තව එකෙක් ඉන්නවා ඔපීසියෙ, මෑන් ගෙ නම Michael Lu. Lu කෑල්ල ආවෙ කොහොමද කියල ඇහුවම දැනගත්තෙ මිනිහගෙ සීයගෙ තාත්ත චයිනීස්ලු.

අපෙත් ඉතින් ඔය කිත්තො කිරිකිත්තො මොන රටෙන් ආපු අයද කියල කවුද දන්නෙ


6 comments:

Thilina said...

eka ekage asawane ithin

Raven said...

අපේ නම් පුරුතුගීසිකරෙන්ද කොහෙද තමයි ඇවිත් තියෙන්නෙ.

Ravimal said...

මූණ දිහා බලපුවම කිරිත්තා පිං ලන්තයෙං ආවා වගේ. :P . ඇඟ දිහා බලපුවාම කිරිකිත්තා සොමාලියාවෙන් සංක්‍රමණය වුනා කියලා හිතන්නත් පුලුවං...

විශ්මි said...

කොහෙන්ද මන්දා අපේ නම්....... :(

Jay said...

:)

CD Athuraliya said...

nice one!

Post a Comment