Saturday, April 24, 2010

ෆැන්ටා එපා. එත් කෝක්ද බියර්ද?

ඩ්‍රීම් ස්ටාර් විනිශ්චය මණ්ඩලේ මේසෙ උඩ ෆැන්ට කෝප්ප තියෙනවා.
තැඹිලි පාට ෆැන්ටවලට නම් එච්චර කැමති නෑ, ඒත් දැන් අර කඩවල තියෙන රතු පාට ෆැන්ට එක මරු. පෝටෙලෝ රහ එන්නෙ. පෝටෙලෝමද මන්ද.

ඔය මොනව තිබ්බත් ඉතින් කෝක් වලට ගහන්න එකක් නෑ. පෙප්සිත් ඉතින් තරගෙ දෙනවා. දවසක් ලැපෙත් පෙප්සි ඉහිරව ගත්තනෙ. කෝක් බොන එක සවුක්යෙට හොඳ නැහැයි කියලත් කියන්නෙ. මං නං බොන්නෙ එහෙම කියන හින්දමයි.

ළඟදි කවුද කිව්ව බියර් බොන එකට වඩා කෝක් බොන එක බයානකයි කියල. වෙලාවක එහෙනං බියර් පාරක් ගහන්න ඕන. ඕවයි ගණං තමයි ඉතින් අල්ලන්නෙ නැත්තෙ.

11 comments:

Dar[K] said...

අන්න කිව්වම තමා මතක් උනේ ෆ්‍රිජ් එකේ තියෙන කොක් එක...

Kaushalya said...

මොකෑ කිව්වා ෆ්‍රිජ් එකේ තියන කොක් එක?

විශ්මි said...

කොකා කෝලා හොඳ නෑ තමයිලු.... අස්ථි දිරනවලු හරි ඉක්මණට........ :(

Anonymous said...

කට්ටිය ටිකක් ඉන්න කොකාකෝල එක ලිපේ.... :)

Naya said...

හෙහ්...!!

Anonymous said...

එහෙනම් ඉතින් නෙක්ටෝ බොන්නකෝ

Raven said...

මාසෙකට කලින් නුවරදි කෝක් එකක් බිවුවා කූඹිත් එක්ක. එදයින් පස්සෙ කෝක් බීම නැවැත්තුවා.

Akila said...

ඕකට පෝලො දාල බිව්වම තමා හොඳම :P

Jay said...

pepsi is the best..!

Dar[K] said...

නෑ මම කිව්වේ කොකාකොලා බොතලේ ෆ්‍රිජ් එකේ කියලා

said...

කෝක් හොඳ නැහැ තමා බන් අනික අමුවෙන් කොහොමත් හොඳ නැහැ බොනවනම් අරක්කු පොඩ්ඩක් දාල සැර අඩුකරලා බීපන්

Post a Comment